2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වන තුරු බලපැවැත්වෙන අතර, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, ප්‍රචාරය කිරීම මෙන්ම එවැනි ප්රචාරක පෝස්ටර්, බැනර් සහ අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීමද සපුරා තහනම් වේ.
2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

