Homeසියලුම පුවත්17 හැවිරිදි තරුණයාට මරු කැඳවූ අනතුර

17 හැවිරිදි තරුණයාට මරු කැඳවූ අනතුර

මාවතගම – අහස්යානාපිටිය මාර්ගයේ ප්‍රජා ශාලාව ඉදිරිපිටදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටී සිදුවූ මාරක අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (04) දහවල් සිදුවූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මුලින් මාවතගම රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලටත් මාරු කර යවා ඇත.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී සීරාදුන්න, මාවතගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments