Homeසියලුම පුවත්ඝාතනයකට සැරසුණු පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

ඝාතනයකට සැරසුණු පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

බොරලැස්ගමුව වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ බවට සැක කෙරෙන 20 හැවිරිදි පුද්ගලයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිසියට භාරදී ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට ජාවාරම් මෙහෙයවීමේ නිරත පුද්ගලයෙකු බවයි.

එමෙන්ම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් ආයුධ සමඟ නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුට මීට පෙරද පැහැර ගැනීම්, පහරදීම්, බරපතළ තුවාල සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු රැසක් පවතින බවද අනාවරණය වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments