Homeසියලුම පුවත්ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2026 ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කළ අපේක්ෂකයින්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍ය නම්, අද (23) සිට අගෝස්තු 03 දක්වා මාර්ගගතව එය සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අදාළ අයදුම්කරුවන්ගේ තොරතුරු ඇතුළත් පැමිණීමේ ලේඛන මේ වනවිට පාසල් මඟින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති අතර, එහි සඳහන් තොරතුරුවල වෙනස්කම් අවශ්‍ය නම් නියමිත කාලය තුළ සංශෝධනය කළ හැකිය.
විභාග දෙපාර්තමේන්තුවේ Exam Information Centre සේවාව හෝ onlineexams.gov.lk වෙත පිවිසීමෙන් මෙම සංශෝධන සිදු කළ හැකි බව දැනුම්දී ඇත.
මේ අතර, 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනි ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments