Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්සජබය අධිකරණයෙන් ලොකුම ජයග්‍රහණය දිනා දෙයි! මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල්...

සජබය අධිකරණයෙන් ලොකුම ජයග්‍රහණය දිනා දෙයි! මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි!

2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments