Friday, November 14, 2025
Homeදේශපාලනසජිත් ප්‍රේමදාසගෙන් ඓතිහාසික තීන්දුවක්, ජනපති සටනින් ඉවත් වී ඩලස්ට සහය වේ

සජිත් ප්‍රේමදාසගෙන් ඓතිහාසික තීන්දුවක්, ජනපති සටනින් ඉවත් වී ඩලස්ට සහය වේ

තමන් ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, සමගි ජන බලවේගයේ සහාය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබා දෙන බවයි.

අද පාර්ලිමේන්තු සැසිවාරයට පෙර සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවැත්වු අතර, ඉන් අනතුරුව යි විපක්ෂ නායකවරයා මෙම ටිවිටර් පණිවිඩය නිකුත් නිකුත් කරනු ලැබුවේ.

මේ අතර, ජනාධිපතිවරයා තෝරා ගැනිමට හෙට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසිමේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන්ම ඡන්දය භාවිතා කරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ, නිදහස් පක්ෂය කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බවයි.

එමෙන්ම නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්විමක් අද පස්වරුවේ කැඳවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂවල නියෝජිතයින් ද අද පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වු විගස පාර්ලිමේන්තු සංකිර්ණයේදි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පැවැසුවේ ඡන්ද විමසිමේදි තම කණ්ඩායමේ සහය කුමන අපේක්ෂකයාට ලබා දෙන්නේ ද යන්න අද පස්වරුවේ දැනුම් දෙන බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දිම පිළිබඳ අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව එහි නායක ආර්. සම්බන්ධන් සඳහන් කළා.

එසේම, මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය පැවැසුවේ සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අද පස්වරුවේ දැනුම් දෙන බවයි. ඊට අදාලව මේ වනවිටත් එම පක්ෂ නියෝජිතයින් විවිධ ස්ථාන වල සාකච්ඡා සිදු කර බවයි වාර්තා වන්නේ.

එම ට්විටර් පණිවිඩය පහතින්

RELATED ARTICLES

Most Popular

Recent Comments