ගිනිකොණදිග බෙංගාල බොක්කේ පවතින කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් බවටත්, පසුව පීඩන අවපාතයක් බවටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවලදී දිවයිනට ඇති විය හැකි අතර, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි විය හැකිය.මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී නැගෙනහිර වෙරළට ආසන්නව උතුරු දෙසට ගමන් කළහොත් දිවයිනට දැඩි බලපෑමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පළ කිරීමට තවමත් ප්‍රමාණවත් දත්ත නොමැති බවද ඔහු පැවසීය.මේ අතර, අද (11) උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි ඇති වීමට ඉඩ ඇත.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද දැනුම් දී තිබේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

