Monday, December 15, 2025
Homeදේශීයසමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා

සමූපකාර බැංකුවේ කෝටි හතක රන් උස්සලා

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ හොර කල්ලියක් එම බැංකුවේ ඇති සේප්පුව කපා ඒ තුළ තිබූ රුපියල් කෝටි 7කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.

ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරිය මෙම රන් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (30) වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත.

ග්‍රාමීය බැංකුවේ ජනේලයේ ග්‍රිල් කපා ඒ තුළින් ඇතුළු වී සේප්පු කාමරේ ඇති සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපා ඒ තුළ තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

බැංකුවේ සී.සී.ටී.වී .කැමරා සවි කර ඇති අතර ඒවායේ ඩී .වී.ආර් .යන්ත්‍රයද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ නිසා ග්‍රාමීය බැංකුව අවට පිහිටි නිවාසවල සවිකර ඇති සී.සී.ටී.වී .කැමරා වල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනිමට පොලිසිය උත්සාහ කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments