Homeසියලුම පුවත්සවස 2න් පසු ප්‍රදේශ රැසකට වැසි

සවස 2න් පසු ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments