Homeසියලුම පුවත්කැනඩාවට 50%ක තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

කැනඩාවට 50%ක තීරුබද්දක් පැනවීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව බදු ප්‍රතිපත්තිය ඉදිරි දින 30 ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව ගෙන ඇති පියවරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව පනවා ඇති බදු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව, කැනඩාවෙන් අමෙරිකාවට අපනයනය කරන පාරිභෝගික භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙම සියයට 50ක තීරුබද්ද අදාළ වනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments