Sunday, November 16, 2025
Homeසියලුම පුවත්ස්නයිපර් ප‍්‍රහාරයකින් ජනාධිපති ඝාතනයට තැත් කල ‘චූං පාං’ කොල්ලා අල්ලයි..

ස්නයිපර් ප‍්‍රහාරයකින් ජනාධිපති ඝාතනයට තැත් කල ‘චූං පාං’ කොල්ලා අල්ලයි..

අනුරාධපුර එප්පාවලට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සූදානමක් ඇඟවෙන සමාජජාලා සටහනක් තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දහනව හැවිරිදි පුද්ගලයකු එළඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි චූන් පාන් අලෙවිකරුවකු ලෙස ක්‍රියා කරන අයෙක් මෙසේ ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹට ගෙනවිත් ප්‍රශ්න කිරීමෙන් පසුව අද පස්වරුවේ අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 07 වනදා එප්පාවල ජාතික පාසලේ උත්සවයට සහභාගි වීමට නියමිතය.එවන් පසුබිමක මෙම තරුණයා විසින් දමන ලද සමාජ ජාලා සටහනකින් ඉල්ලා ඇත්තෙ විශේෂ පුද්ගල ඝාතනයක් සදහා ස්නයිපර් තුවක්කුවක් හත්වැනිදාට ලබාදෙන ලෙසයි.මෙම තරුණයා දැඩිව පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූවෙක් බව පොලිසියට පවසා ඇති අතර තමන් මෙම සටහන දමන ලද්දේ දුරදිග නොබලා බවද සඳහන් කර තිබේ
RELATED ARTICLES

Most Popular

Recent Comments