2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.
අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ, මෙවර විභාගයේ සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් අපේක්ෂකයින් සංඛ්‍යාව 11,790ක් වන බවයි.
එමෙන්ම, විද්‍යාව සහ ගණිතය යන විෂයන්හි සමත් ප්‍රතිශත පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවද ඇය පැවසුවාය. ඒ අනුව විද්‍යාව විෂයේ සමත් ප්‍රතිශතය 70.1%ක් දක්වාත්, ගණිතය විෂයේ සමත් ප්‍රතිශතය 72.03%ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් 7,419 දෙනෙකු සියලුම විෂයන් අසමත් වී ඇති බවද අනාවරණය කෙරිණි.
මේ අතර, 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ දෙසැම්බර් 8 සිට 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස පළමු සතියේ ආරම්භ කිරීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සා.පෙළින් 225,748ක් උසස් පෙළට – 11,790ක් විෂයන් 9ටම A

