Homeසියලුම පුවත්සිරගත වන භික්ෂූන්ගේ චීවරය පිළිබඳ තීරණය නිකායන්ට පැවරීමට රජයේ අවධානයt

සිරගත වන භික්ෂූන්ගේ චීවරය පිළිබඳ තීරණය නිකායන්ට පැවරීමට රජයේ අවධානයt

ඉදිරියේදී විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාගේ චීවරය දැරීමේ සුදුසුකම පිළිබඳ තීරණය අදාළ නිකාය විසින් ගත යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරියේදී එවැනි සිදුවීමක් ඇති වුවහොත් අදාළ භික්ෂූන් වහන්සේලා අයත් නිකායන් වෙත ඒ පිළිබඳව දැනුම් දීමට පියවර ගන්නා බවයි.ඒ අනුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හරහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා සිව්නමගේ උපදෙස් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා චීවරය දැරිය යුතුද යන්න තීරණය කිරීම බන්ධනාගාර අධිකාරියේ කාර්යයක් නොව, අදාළ නිකායේ වගකීමක් බව රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments