Homeසියලුම පුවත්‘මිද්දෙණියේ කජ්ජාගේ’ පුත්‍රයා විදෙස් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

‘මිද්දෙණියේ කජ්ජාගේ’ පුත්‍රයා විදෙස් ගිනිඅවියක් සමඟ අත්අඩංගුවට

ඝාතනයට ලක් වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් ‘මිද්දෙණියේ කජ්ජාගේ’ වැඩිමහල් පුත්‍රයා විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ මිතුරෙකුට අයත් වීරකැටිය, යක්ගහමුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනිඅවිය සොයාගෙන ඇති බව සඳහන් වේ.පොලිස් භාරයට ගෙන ඇත්තේ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 බෝල්ට් ඇක්ෂන් වර්ගයේ ගිනිඅවියකි.සැකකරු අද (13) වීරකැටිය පොලීසිය විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි අවවාද කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැර ඇති බව පොලීසිය ‘අද දෙරණ’ට සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments