Homeසියලුම පුවත්හෙට පළාත් හයකට මි.මී. 150 දක්වා තද වැසි ඇතිවීමේ අවදානමක්

හෙට පළාත් හයකට මි.මී. 150 දක්වා තද වැසි ඇතිවීමේ අවදානමක්

හෙට (14) දිනයේදී දිවයිනේ පළාත් හයක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මෙම තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.මේ අතර, බස්නාහිර, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.එමෙන්ම, ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments