2027 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ අනුව, 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් තුළ LPG මෙට්‍රික් ටොන් 420,000ක් සැපයීමට නියමිතය. ඉල්ලුම අනුව එම ප්‍රමාණය සියයට 20කින් වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකි අතර, අවම වශයෙන් මෙට්‍රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර තිබේ.මෙම කොන්ත්‍රාත්තුව සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේදී ලංසු හතරක් ලැබී ඇති අතර, ඒවා ඇගයීමෙන් අනතුරුව අදාළ සැපයුම්කරු තෝරාගැනීමට නිර්දේශ කර ඇත.කොන්ත්‍රාත්තුව යටතේ, සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිලට අමතරව LPG මෙට්‍රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 133.93ක මුදලක් එක් කෙරේ.රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තු ඇතුළත් CIF මිල පදනම යටතේ මෙම ගෑස් සැපයීම සිදු කිරීමට නියමිතය.

