Homeසියලුම පුවත්සිරිලිය සවිය ගිණුම පිළිබඳ නඩුවෙන් ශිරන්ති රාජපක්ෂගේ රක්ෂිත බන්ධනාගාර කාලය දිගු වෙයි

සිරිලිය සවිය ගිණුම පිළිබඳ නඩුවෙන් ශිරන්ති රාජපක්ෂගේ රක්ෂිත බන්ධනාගාර කාලය දිගු වෙයි

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කළේය.සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments