Homeසියලුම පුවත්ඔක්තෝබර් අස්වැසුම දීමනාව හෙට පවුල් ලක්ෂ 11.9කට

ඔක්තෝබර් අස්වැසුම දීමනාව හෙට පවුල් ලක්ෂ 11.9කට

2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ හෙට (14) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතව තිබේ.ඒ අනුව, අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283ක් සඳහා රුපියල් බිලියන 9.12ක මුදලක් වෙන් කර ඇත.දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,445ක් වෙනුවෙන් රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිතය.අදියර දෙක යටතේ ප්‍රතිලාභී පවුල් 1,197,728ක් සඳහා ලබාදෙන මුළු මුදල රුපියල් බිලියන 11.16කි.අදාළ ප්‍රතිලාභීන්ට හෙට (14) සිට තම අස්වැසුම බැංකු ගිණුම් හරහා එම මුදල් ලබාගත හැකි බව දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments