හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඒ මහතා කෙටි වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.
පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කර තිබේ. එම පරීක්ෂණවල ප්‍රතිඵල යහපත් බැවින් මේ වන විට ඒ මහතා සාමාන්‍ය ප්‍රතිකාර යටතේ රෝහලේ රඳවා තබා ඇති බව සඳහන් වේ.
හදිසි අසනීපයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රෝහලට

