පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
මායාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම කැඳවනු ලැබීය. එහිදී අර්ච්චුනා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අදාළ නඩුවෙන් ඉවත් වී ඇති බැවින්, නව නීතිඥවරයෙකු පත් කර ගැනීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙය 2024 වසරේ ගොනු කළ පෙත්සමක් බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල, විභාගය සඳහා තවත් දිගු කාලයක් ලබාදිය නොහැකි බව සඳහන් කරමින් දෙසැම්බර් 16 වැනිදාට දිනය නියම කළේය.
පෙත්සම්කරු පවසන්නේ අර්ච්චුනා මහතා රජයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති බවයි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය වී ඇති බවට තර්ක කරන පෙත්සම්කරු, අර්ච්චුනා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට, ඡන්දය ප්‍රකාශ කිරීමට සහ මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මෙම පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය පිළිබඳ නඩුව දෙසැම්බර් 16ට කල් යයි

