Homeසියලුම පුවත්පළාත් හතරකට මි.මී. 150 දක්වා තද වැසි ඇතිවීමේ අවදානමක්

පළාත් හතරකට මි.මී. 150 දක්වා තද වැසි ඇතිවීමේ අවදානමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති වීමේ හැකියාව පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments