Wednesday, April 22, 2026
Homeසියලුම පුවත්සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය මැයි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට දැඩි ආරක්ෂාව යටතේ සුරේෂ් සලේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය නඩු දිනයේ ලබාදුන් අධිකරණ නියෝගයක් අනුව සැකකරු අධිකරණයට රැගෙනවිත් ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමටද අධිකරණය නියම කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments