පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධ පරීක්ෂණවල ප්රගතිය මැයි 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
අද (22) කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට දැඩි ආරක්ෂාව යටතේ සුරේෂ් සලේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
පසුගිය නඩු දිනයේ ලබාදුන් අධිකරණ නියෝගයක් අනුව සැකකරු අධිකරණයට රැගෙනවිත් ඇති අතර, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව තවදුරටත් රැඳවුම් භාරයේ තබා ගැනීමටද අධිකරණය නියම කළේය.
සුරේෂ් සලේට එරෙහි නඩුව මැයි 20 දක්වා කල්යයි

