හොරණ බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරුන් අධිකරණයේ පෙනී සිට ඇත.
ඒ අනුව, මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කර ඇත.
කෙසේවෙතත්, සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර නඩුව මෙම මස 25 වැනිදා යළි කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
සෙනෙහසේ කැදැල්ලේ හිමිකරුට ඇප

