2025 වසර තුළ ළමා ශ්‍රමිකත්වය හා සම්බන්ධ පැමිණිලි 516ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ජුනි 12 දිනට යෙදෙන “ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයකින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
ඒ අනුව, ළමා ශ්‍රමිකත්වය සම්බන්ධ පැමිණිලි 173ක්, ළමා වෙළෙඳාම සම්බන්ධ පැමිණිලි 53ක් සහ ළමුන් සිඟමනේ යෙදවීම සම්බන්ධ පැමිණිලි 287ක් අධිකාරිය වෙත ලැබී ඇත.
අධිකාරිය පෙන්වා දෙන්නේ ළමා ශ්‍රමය මඟින් දරුවන්ගේ ළමා කාලය, ගෞරවය සහ සංවර්ධන අවස්ථා අහිමි වන අතර එය ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයටද අහිතකර බලපෑම් ඇති කරන බවයි.
වයස අවුරුදු 16ට අඩු සියලුම දරුවන් අනිවාර්ය අධ්‍යාපනයට යොමු කළ යුතු අතර, අවුරුදු 16ත් 18ත් අතර දරුවන්ටද ජීවිතයට, සෞඛ්‍යයට හා අධ්‍යාපනයට හානිකර නොවන රැකියාවල පමණක් නිරත විය හැකි බව සඳහන් කරයි.
ළමා මෙහෙකාර සේවය, ළමුන් සිඟමනේ යෙදවීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් අලෙවියට යොදා ගැනීම, ගණිකා වෘත්තියට හෝ වෙනත් වාණිජ කටයුතුවලට යොදා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවද අධිකාරිය අවධාරණය කර තිබේ.
එමෙන්ම, දරුවන්ගේ ආරක්ෂාවට හා යහපැවැත්මට අහිතකර රැකියා 71ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි
2025දී ළමා ශ්‍රමිකත්වය ගැන පැමිණිලි 516ක්

