Thursday, November 13, 2025
Homeදේශීයසෞදියේදී ඇණ ගිල්ලවූ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්

සෞදියේදී ඇණ ගිල්ලවූ සිද්ධිය ගැන විශේෂ විමර්ශනයක්

මෙරට එක්දරු මවකට සෞදියේදී ඇණ ගිල්ලවූ බවට පැවසූ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අද දෙරණ සිදුකළ අනාවරණයෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාමාන්‍යාධිකාරී (පුහුණු) සෙනරත් යාපා මහතා මේ බව පැවසීය.

ඒ අනුව ආදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි තානාපති කාර්යාලය සහ එරට රෝහල් සම්බන්ධීකරණය කරගනිමින් මෙම විමර්ශනය සිදුකරනු ඇත.

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පදිංචි ත්‍යාගා සෙල්වි නැමැති 21 හැවිරිදි එක් දරු මවක් අද දෙරණට පැවසුවේ සෞදියේදී තමන් දරුණු වද බන්ධනවලට ලක්වූ බවය.

එහිදී තමන්ට නිවැසියන් විසින් යකඩ ඇණ ගිල්වූ බවත් එක් ඇනයක් තම සිරුරේ පවතින බවත් ඇය අපවෙත පැවසීය.

දැඩිලෙස රෝගාතුරව තමන් සෞදි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකුගේ සෘජු මැදිහත්වීමෙන් තමන් යළි ශ්‍රී ලංකාවට එවූ බවද ඇය වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments