Homeසියලුම පුවත්හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදට තද සුළං ගැන අවවාදයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදට තද සුළං ගැන අවවාදයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (12) පෙරවරු 11.00ට නිකුත් කළ එම නිවේදනය හෙට (13) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය.

එමෙන්ම හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී.

එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments