Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකියි

අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments