හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය පවසයි.
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඔහු මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
මියයන විට එරාජ් ප්‍රනාන්දු මහතා 57 හැවිරිදි වියේ පසුවිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරමින් 2014 වසරේදී හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්වූ ඒ මහතා, 2018 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඇතිව දෙවන වරටත් එම ධුරයට පත්ව තිබුණි.

