Homeසියලුම පුවත්කාන්තා ශූරයන්ගේ කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට

කාන්තා ශූරයන්ගේ කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සංවිධානය කරන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 14 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට සිදුවෙමින් පවතින පරිපාලනමය හා ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් තරගාවලිය වෙනත් රටකට ගෙනයාමට ICC තීරණය කර ඇත.

ඒ අනුව තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලබාදී තිබේ.

කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව සමඟ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එක්වීමට නියමිතය.

කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලිය විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වෙන අතර, ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගවලදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක පෙබරවාරි 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments