ගාසා තීරයේ හමාස් සංවිධානය සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ සටහනකින් ඔහු සඳහන් කළේ, මෙම එකඟතාව තමන් යෝජනා කළ සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් බවයි.
එම සැලැස්ම යටතේ අදියර කිහිපයකින් නිරායුධකරණය සිදුකරන අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කිරීම සහ ජාත්‍යන්තර බලකායක් සමඟ නව පලස්තීන පොලිස් බලකායක් ආරක්ෂාව භාර ගැනීම ද යෝජනා වී ඇත.
මේ අතර, මෙම සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කයිරෝ නුවරදී තවදුරටත් පැවැත්වෙන අතර, යෝජිත කොන්දේසි ප්‍රමාණවත් නොවන බව ඊශ්‍රායලයේ ඇතැම් නිලධාරීන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

