මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් අද (05) සිට යළි විවෘත කෙරේ.
කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.
මේ අතර, අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9ක පවුල් 3,014කට අයත් පුද්ගලයින් 11,832 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර, නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව ඇත.
එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 3,538 දෙනෙකු තාවකාලිකව රඳවා සිටින බවද වාර්තා වේ.

