Homeසියලුම පුවත්හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එංජිම පීලි පනී

හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ එංජිම පීලි පනී

මරදානේ සිට හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක එංජිම අද (24) පස්වරුවේ මරදාන ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය එංජිම අංගනයේ සිට වේදිකාවේ නවතා තිබූ මැදිරි වෙත සම්බන්ධ කිරීමට යාමේදී මරදාන පාලම අසල මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් එංජිමේ රෝද හතරක් පීලි පැන ඇති අතර, ඒ හේතුවෙන් මරදාන සහ කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් තාවකාලිකව අවහිර වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments