Homeසියලුම පුවත්නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පස්වරු 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම, ඇහැලියගොඩ යන ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ (අධියර 2) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මීට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති අතර ජනතාව විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments