Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්හිස හා අත නැති මල සිරුරක් හමුවේ…

හිස හා අත නැති මල සිරුරක් හමුවේ…

අමානුෂික ලෙස ඝාතනය කරන ලද වයෝවෘධ කාන්තාවකගේ මළ සිරුරක් හමු වූ බව මතුරට පොලිසිය සඳහන් කරයි.

මෙම මළ සිරුරේ හිස කඳින් වෙන් කර තිබූ අතර අතක්ද වෙන්වෙන්නම කපා තිබූ බව පොලිසිය කියයි.

මතුරට හේවාහැට රොස්වුඩ්වත්ත ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හැවිරිදි කාන්තාවක් මෙසේ ඝාතනය කර තිබේ.

ඇයගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ ඉකුත් 06 වැනිදා සිට තම මව ආගිය අතක් නැති බවයි.

ඒ අනුව ප්‍රදේශවාසීන් හා එක්ව කළ සොයා බැලීමකදී අසල ගල් කන්දක් පාමුල තිබී හිස සහ වම් අත නොමැති මළ සිරුරක් සොයාගෙන තිබේ. ඒ ආසන්නයේදී හිස හා අත් කොටස වෙනම තිබී සොයාගෙන ඇත.

ඝාතකයා කවුදැයි පොලිසිය තවදුරටත් පරීක්ෂණ කරමින් සිටී

RELATED ARTICLES

Most Popular

Recent Comments