Thursday, October 10, 2024
Homeසියලුම පුවත්හෙණ ගහන අපරාධයක්! කන්න නැති ළමයින්ට කන්න දෙන්න ලෝක ආහාර සංවිධානයෙන් එවපු...

හෙණ ගහන අපරාධයක්! කන්න නැති ළමයින්ට කන්න දෙන්න ලෝක ආහාර සංවිධානයෙන් එවපු කිලෝ දහස් ගණනක කෑම පුස්කන්න ඇරලා

පාසල් ළමුන්ට දිවා ආහාරය සඳහා ලබාදෙන හාල් සහ පරිප්පු විශාල ප්‍රමාණයක් මේ වන විට භාවිතයට ගත නොහැකි ලෙස පුස් අල්ලා සහ සතුන් විනාශ කර අතැයි වාර්තාවේ.
 
ලෝක ආහාර සංවිධානයේ ආධාර වශයෙන් ලැබුණු සහල්, පරිප්පු සහ පොල්තෙල් පාසල් ළමුන්ගේ දිවා ආහාරය සඳහා ආහාර සපයන නිවෙස්වලට  විශාල වශයෙන් බෙදාහැර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් ගබඩා කර තබාගැනීමට නිවෙස් තුළ පහසුකම් නොමැති බැවින් මේවා මේ වන විට ආහාරයටගත නොහැකි සේ විනාශ වී ඇතැයි සංගමයට තොරතුරු ලැබී ඇතියි වාර්තා වේ.

ආහාර සපයන නිවෙස්වලට හාල්කිලෝ 1000ක් පරිප්පු කිලෝ 100ක් වැනි විශාල ප්‍රමාණයන්ගෙන් බෙදා හැර ඇතැයිද පැවසේ. 

ඇතැම් ආහාර පිසින්නන් පුස් ඇල්ලූ සහල් සහ  පරිප්පු හොදින් සොදා පිස දරුවන්ට ආහාරවේල ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති බවටද වාර්තා ලැබී ඇතැයි සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේය.

කෙසේ නමුත් දරුවන්ගේ දිවා ආහාර වේල වෙනුවෙන් රජය පරිප්පු, සහල් සහ පොල්තෙල් සපයා දිමට අමතරව රුපියල් 70ක් මුදලක් ආහාර වේලක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට ගෙවනුයේ එම ආහාර වේලට බිත්තරයක් ලබා දුන්නොත් පමණකි..

නැතහොත් ගෙවනුයේ රුපියල් 60ක් මුදලක් යැයිද එම ප්‍රකාශකයා සදහන් කළේය.

මෙවැනි මුදලකට ආහාර වේලක් ලබාදීම ඉතා අසීරු බවත් ඇතැම් දරුවන් දෙවරක් හෝ තුන්වරක් ආහාර ඉල්ලා පැමිණෙන බැවින් එය ලබාදිමට කටයුතු කරන  බවත් ආහාර සපයන්නෝ සදහන් කරති.

පරිභෝජනයට නුසුදුසු ආහාර පිළියෙළ  කර දීමෙන් අම්පාර ප්‍රදේශයේ එක්තරා පාසලක දරුවන් සියල්ලම රෝගී වීමක් වාර්තා වූ බවද සංගමය පෙන්වාදේ..

ලෝක ආහාර සංවිධානයෙන් ආධාර වශයෙන් ලැබුණු මෙම වියළි ආහාර ද්‍රව්‍ය ලංකාව පුරා මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රවාහනය කරමින් පවතින අතර ආහාරයට නුසුදුසු මෙම ආහාර ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උපදෙස් පරිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ප්‍රතික්ෂේප කර ඇත.
සමුපාකාර සමිතිද මෙවා බෙදාහැරීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ වන විට බෙදාහැර ඇති මෙම වියළි ආහාර ද්‍රව්‍ය තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ භාරයට ගනිමින් ඇත. 

මේ වන විට ලංකාව පුරා බෙදාහැරිමට නියමිත ආහාර ද්‍රව්‍ය ඔරුගොඩවත්ත සහ වේයන්ගොඩ  රජයේ ගබඩාවල ගබඩා කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා නොහරින ලෙස සංගමය අදාල වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලිමක් කරයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments