Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදයක්

ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දිනය සඳහා මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව, අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

ඒ හේතුවෙන් අධික උණුසුමට නිරාවරණය වීම අවම කර ගැනීම සහ කාලගුණික තත්ත්වය පිළිබඳ නිකුත් කරන නිල උපදෙස් පිළිපදින ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments