ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීම සඳහා නව නීතිමය යෝජනා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.
යෝජිත ක්‍රියාමාර්ග අනුව, වයස අවුරුදු 13ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ පමණක් වන අතර, එම භාවිතය සඳහා නිශ්චිත කාල සීමාවන් ද පැනවීමට සැලසුම් කර ඇත.
මෙම නීතිමය යෝජනා සකස් කිරීමේදී ළමා ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම සම්බන්ධ විශේෂඥයන්ගේ නිර්දේශ සහ උපදෙස් ද සැලකිල්ලට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

