හොරණ – කොළඹ මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) දිනයේද අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුම ඔස්සේ පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීමට එරෙහිව ඊයේ (02) පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
මෙම වර්ජනය හේතුවෙන් හොරණ – කොළඹ මාර්ගයේ ගමන් කරන දෛනික මගී ජනතාවට දැඩි අපහසුතා රැසක් මතුව ඇති බව වාර්තා වේ.

