Homeසියලුම පුවත්හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක්

පරදීමක් මුල් කරගෙන හොරණ – කොළඹ 120 බස් මාර්ගයේ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ අද (10) සිට ධාවනයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ.
ඊයේ (09) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වූ බස් රථයකට මොරගහහේන – පිළියන්දල මාර්ගයේ සේවකයෙකු විසින් පහර දී ඇති අතර, එම සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර ඇත.
පෞද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ, අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු බස් ධාවනය සිදු නොකරන බවයි.
වර්ජනය හේතුවෙන් මගීන්ට ඇතිවන අපහසුතාවය අවම කිරීම සඳහා ලංගම බස් රථ යොදවා ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments