දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ප්‍රදේශවලට බලපාන පරිදි ප්‍රබල අකුණු සහිත ගිගුරුම් වැසි ඇතිවීමේ අවදානමක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය අද (03) පස්වරු 1.00 සිට හෙට (04) අලුයම 1.00 දක්වා බලපැවැත්වේ.මෙම කාලසීමාව තුළ අදාළ ප්‍රදේශවල තැනින් තැන ප්‍රබල අකුණු සහිත ගිගුරුම් වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.⚡ බලපෑම් ඇතිවිය හැකි දිස්ත්රික්කඅනුරාධපුර, අම්පාර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.ඒ ඒ දිස්ත්‍රික්කවල බලපෑමට ලක්විය හැකි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ද නිවේදනයේ සඳහන් වේ.⚠️ ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු🔸 අකුණු පවතින අවස්ථාවල එළිමහන් ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න.🔸 ගස් යට හෝ විවෘත භූමිවල රැඳී නොසිටින්න.🔸 විදුලි උපකරණ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.🔸 වැසි සහිත කාලගුණය පවතින විට ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින්න.📢 අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.ඔබේ ප්‍රදේශයේත් අකුණු සහිත වැසි පවතිනවා නම් ආරක්ෂාවට මුල්තැන දෙන්න.

