දිවයින පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව මෙම වැඩසටහන නොවැම්බර් 09 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.කාලගුණික වෙනස්වීම්, ඩෙංගු මදුරු කීටයන් පිළිබඳ දර්ශක සහ පසුගිය කාලසීමාවේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්රවණතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.මෙම වැඩසටහන මීට පෙර නොවැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය නව දිනයන් දක්වා කල් දැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන ආයතන, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන රැසක සහයෝගය ලබාගැනීමට නියමිතය.🦟 ජනතාවට දැනුම්දීමක්නිවාස, ගෙවතු, කාර්යාල සහ අවට පරිසරයේ ජලය රැඳෙන ස්ථාන පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන්න.ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතනවලට පමණක් නොව මහජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය වේ.

