Homeසියලුම පුවත්🌧️ ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

🌧️ ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්ම වූ තද වැසි

පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන් අද (01) දිනයේදීත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරෙන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල පැ.කි.මී. 40–50 පමණ තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments