Homeසියලුම පුවත්🦟 ඩෙංගු මරණ 62 දක්වා ඉහළට - රෝගීන් 84,000 පනී

🦟 ඩෙංගු මරණ 62 දක්වා ඉහළට – රෝගීන් 84,000 පනී

මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් තිබේ.

ජූලි 30 දක්වා පමණක් ආසාදිතයින් 29,350ක් වාර්තා වී ඇත.

වැඩිම රෝගීන් ගම්පහ (17,971), කොළඹ (16,814) සහ මහනුවර (5,873) දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති අතර, බස්නාහිර පළාතෙන් සමස්ත ආසාදිතයින් 44,829ක් හඳුනාගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරු බෝවන ස්ථාන විනාශ කර ඩෙංගු මර්දන කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments