ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (31) සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.16 දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88 දක්වාත් පහළ ගොස් ඇත.
මේ අතර, අද සිදු කිරීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනයේදී මිල වෙනස් කිරීමක් සිදුකිරීමට සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් මේ අවස්ථාවේ ඉන්ධන මිල අඩු කිරීම සුදුසු නොවන බවයි.

