ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, එහිදී ආදිවාසී ජනතාව මුහුණදෙන ගැටලු සහ ඔවුන්ගේ පාරම්පරික ඉඩම් භාවිතයේදී ඇතිවන බාධා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි.
ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් බාධාවකින් තොරව භුක්ති විඳීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් හෙන්නානිගල ප්‍රදේශයේ පවුල්වලට සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වහාම අදාළ නිලධාරීන් දැනුවත් කර අවශ්‍ය සහන ලබාදීමට පියවර ගත් බවද වාර්තා වෙයි.
අගමැතිනිය සහ ආදිවාසී නායකයා අතර විශේෂ සාකච්ඡාවක්

