ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් (13) වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටද මෙම වැසි තත්ත්වය බලපානු ඇතැයි සඳහන්ය.
මේ අතර, මුහුදු ප්‍රදේශවල සුළං වේගයද ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශ ඉල්ලීමක් කර තිබේ.
අඩුපීඩන කලාපයේ බලපෑම තවදුරටත් – ප්‍රදේශ රැසකට තද වැසි

