පරිගණක අපරාධ ජාලයකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදේශිකයින් 188 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල අධිකරණය නියෝග කර තිබේ.
අද (12) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වෙයි.
ගාල්ල වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු මේ මස 19 වනදා දක්වාත්, දොඩන්දූව ප්රදේශයෙන් අත්අඩංගුවට ගත් 55 දෙනෙකු 20 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පුද්ගලික ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කර ඇත.
මෙම සැකකරුවන් ගාල්ල, ගාල්ල වරාය සහ දොඩන්දූව යන ප්රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබුණි
පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයින් 188ක් යළි රිමාන්ඩ්

