Homeසියලුම පුවත්අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට

අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අද (18) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 2022 වසරේදී ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසත් එකවර කටයුතු කරමින් තනතුරු දෙකකට අදාළ වැටුප් ලබාගෙන ඇති බවයි.
ඒ අනුව, ජනාධිපති වැය ශීර්ෂය යටතේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව, රජයේ වාහන අවභාවිත කිරීම සහ රාජ්‍ය සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments