Homeසියලුම පුවත්ඩෙංගු රෝගීන් වැඩිවුවහොත් රෝහල් පද්ධතියට දැඩි පීඩනයක් - ඇමති නලින්ද

ඩෙංගු රෝගීන් වැඩිවුවහොත් රෝහල් පද්ධතියට දැඩි පීඩනයක් – ඇමති නලින්ද

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රටේ රෝහල් පද්ධතියට එම තත්ත්වය දරා ගැනීම අපහසු වනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව සහ ආයතන සිය වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බවත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩිවුවහොත් සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල විය හැකි අතර, එය රෝගී සත්කාර සේවාවන්ටද බලපෑම් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දී ඇත.
බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඩෙංගු මර්දනය සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගැනීමට හැකියාව පවතින බැවින් ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments